සීමාවාසික වෛද්‍යවරුන්ට මෙවර ඡන්දය අහිමි වෙයි ?

පුහුණු කාලය ගතකරමින් සිටින සීමාවාසික වෛද්‍යවරුන්ට ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමේ තත්ත්වයක් උදාවී ඇති බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කර දෙන්නැයි මානව හිමිකම් කොමිසන් සභාවේ ලේකම් ටී.ඩී.විමලසූරිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

සීමාවාසික වෛද්‍යවරුන් ලෙස පුහුණු කාලය ගතකරමින් සිටින වෛද්‍යවරුන්ට තම සේවා ස්ථානයේ සිට ඡන්දය සළකුණු කිරීම සඳහා යාම දුෂ්කර බැවින් මේ තත්ත්වය උදාවී තිබේ.

මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දී ඇත්තේ 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභා පනත අනුව යමිනි.

මෙම ලිපියෙහි පිටපතක් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ද යවා තිබේ.

ඹුලාශ්‍රය Lankadeepa

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435