සීෂෙල්ස් සිට ශ්‍රී ලාංකිකයන් රැගෙන එයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු රැගෙන, එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් දැනට ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි පිරිසකි.

ඔවුන් අද දින පස්වරු 2.45 ට සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණි, එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එච්.එම්- 8360 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විෂබීජහරණය කිරීමෙන් අනතුරුව , කොරෝනා වසංගත රෝග ලක්ෂණ තිබේ දැයි විමසා බලා , නීරෝධායන කටයුතු සඳහා, එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

මේ අතර කුවේට්හි තානාපති කාර්යාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 75 ක පමණ පිරිසක් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම රැකියා සඳහා රුමේනියාවේ බිහාරෝ ප්‍රාන්තයේ ඔරිඩියා නගරයට ගොස් සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද තමන්ව යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කරයි.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435