සුන්දර ලෙබනනය හිමෙන් වැසී යයි

ලෙබනන් රාජ්‍යට මේ දිනවල බලපා ඇති අධික හිම පතනය නිසා නගර කිහිපයක්ම හිමෙන් වැසී ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

එසේම කදුකර ප්‍රදේශවලට හිම පතනය වී තිබීම ඉතා චමත්කාර දර්ශනයක් වන බවත් මෙලෙස හිම පතනය සිදුව ඇත්තේපසුගියදා බලපෑ “ Norma’’ නැමති කුණාටුව හේතුවෙන් බවත් එම පුවත් වාර්තාවල සඳහන්.

මෙම කුණාටු තත්ත්වය නිසා පසුගිය දිනවල ලෙබනනයේ ජන ජීවිතයට විශාල ලෙස බලපෑම් සිදුවූ අතරම විශාල පිරිසකින් දැඩි ලෙස පීඩාවට පත්විය.

එමෙන්ම, සරණාගත කඳවුරු 151කට අයත් සිරියානු සරණාගතයන් 11,000කට අධික පිරිසක් පීඩාවට පත් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ නියෝජිත ආයතනය නිවේදනයක්ද නිකුත්කරන ලදී.

හිම පතනයේ සුන්දරත්වය කෙසේ වෙතත් එහි ජන ජීවිතය අති දුෂ්කර දින වකවානුවක් ගෙවන බවයි විදෙස් පුවත් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435