සුළි කුණාටුවක් ඉතාලියට කළ හඳියක් [Video]

ඉතාලියේ ප්‍රදේශ කිහිපයකට බලපෑ සුළි කුණාටුවක් නිසා මේ වනවිට 11ක් මියගොස් ඇති බව වාර්තා වේ.

සුළි කුණාටුව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ පැයට කිලෝමීටර් 180ක තරම් අධික වේගයකින් මෙම කුණාටුව ඉතාලියට කඩා වැඳී ඇති බවයි.

කුණාටුවත් සමඟ ඇති වූ ජල ගැලීම් නිසා ඉතාලියේ වෙනිස් හා ටෙරෙසින් යන නගරවලට වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන අතර ඊට අමතරව තවත් නගර කිහිපයකටම කුණාටු තත්ත්වය බලපා තිබේ.

එම නගරවල සාමාන්‍ය ජන ජීවිතයටද බාධා එල්ලවී තිබෙන අතර පාසල් හා සංචාරක මධ්‍යස්ථාන පවා වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435