සෙවනගල සීනි කර්මාන්තශාලා සේවකයින් පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතාවයක

විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම දෙසින් පාර්ලිමෙන්තුවට පිවිසෙන මාර්ගය තවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පොල්දූව මන්සංදියෙන් පාර්ලිමේන්තු දෙසට පිවිසෙන මාර්ගය මෙලස පොලිස් මාර්ග බාධකද දමා මාර්ගය තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.

විරෝ‍ධතාවය හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම හා ‍‍ඒ ආශ්‍රිත  මාර්ගවල දැඩි ර‍‍ථවාහන තදබදයක් හටගෙන තිබේ.

සෙවනගල සීනි කර්මාන්ත ශලාවේ සේවකයින් සහ උක් ගොවීන් පිරිසක් මෙලෙස පාර්ලිමේන්තු මාර්ගය අවහිර කරමින් විරෝ‍ධතාවයේ නිරත වන බවයි අද දෙර‍‍‍‍‍‍‍‍‍ණ වාර්තාකරු පැවසුවේ.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරිමට විරෝ‍ධය පළ කරමින් ඔවුන් මෙම විරෝ‍‍ධතාව සංවිධානය කර ඇති බව සදහන්ය.

මූලාශ්‍රය – අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435