සේවක අයිතීන් ආරක්ෂා කිරීමට වෘත්තීය සමිති එකතු වෙයි

සොලිඩරිඩි සෙන්ටර් ආයතනය විසින් වෘත්තීය සමිති නායකයින් සමග සංවිධානය කරන ලද විශේෂ හමුවක් අද සමස්ත ලංකා රාජ්‍ය කළමණාකරණ  සහකාර නිළධාරීන්ගේ සංගම් කාර්යාලයේ දී පැවැත්විණි. කෝවිඩ් 19 වසංගතයෙන් පසුව කම්කරුවන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටළු සහ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර අන්දමින් සිදු වන බලපෑම් ක්‍රියාදාමයන් පිළිබඳව මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී. එහිදී ලංකාවේ සියළුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩපිලිවෙලක් වෙනුවෙන් ඉදිරියේදී සංවිධානය වීමටත්, ඒ වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමටත් සාකච්ඡා කළහ. එක් එක් වෘත්තීය සමිති හුදකලා නොවී වෘත්තීය අරගල වලදී සියලු දෙනා එක්ව කටයුතු කිරීමටත් පොදුවේ මුහුණ දීමට සිදුවන ගැටළු වලදීද රාජ්‍ය හෝ පෞද්ගලික භේදයකින් තොරව එක්ව ක්‍රියා කිරීම පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.

මෙම හමුව සඳහා සමස්ත ලංකා රාජ්‍ය කළමණාකරණ  සහකාර නිළධාරීන්ගේ සංගමය, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය, ලංකා කාර්මික වෙළඳ හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, වරාය ඒකාබද්ධ වෘත්තීය සමිතිය,රක්ෂණ සේවක සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා වතු සේවා සංගමය, දුම් රිය ඒකාබද්ධ පෙරමුණ, ප්‍රොටෙක්ට් සංගමය යන වෘත්තීය සමිති නියෝජනය කරමින් ප්‍රධාන පෙළ නායකයින් සහභාගී විය.

සටහන- කල්ප මධුරංග

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435