සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සැමගේම අවධානය පිණිසයි

මෙම දිරාපත් වී ඇති කොටඋඩ රඳවා තිබෙන බස්‌ රථ බොඩිය තුළ මිනිසකුට රාත්‍රිය ගතකළ හැකිද? ඔබ සිතා බලන්න. අප හංවැල්ල ප්‍රධාන බස්‌ නැවතුම්පළේ ගත කළ පැයක පමණ කාලය තුළදී අසන්නට දකින්නට හැකි වූ දැ ඉතා කනගාටුදායකය.

දිනයේ රාජකාරි නිමාකර පසුදින අලුයම සේවයට වාර්තා කිරීමට ඇති බැවින් ස්‌ථාන භාර නිලධාරියා හා කාර්මික අංශයේ සේවක මහතාට රැය පහන් කිරීමට සිදුව ඇත්තේ කිසිදු පහසුකමක්‌ නැති මේ දිරාපත් වූ බස්‌ බොඩිය තුළය. එහි සුව පහසු යහනා නැත. දිරාගිය බස්‌ සීට්‌ 2 ක්‌ යාකර ලෑලි දමා ඔවුන් නිදන්නට යහනා සකසාගෙන තිබේ.
මීතොටමුල්ල ලංගම ඩිපෝවේ සේවක මහතුන් දෙපළක්‌ කාලයක සිට මෙම දුෂ්කර කටුක ජීවිත ගතකරන නමුත් පාලකයන් නොදන්නා සේ පසුවන බව වාර්තා වේ. මෙහි සඳහන් කළ යුතු විශේෂ දෙයක්‌ ඇත. නගරයේ ප්‍රධාන වැසිකිළි පේළියට යාබදව මෙම බස්‌ බොඩිය ස්‌ථානගත කර ඇත. දුර්ගන්ධය උසුලමින්, මදුරුවන්ගෙන් බැටකමින් මොවුන් රාත්‍රිය ගත කරන්නේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනි.

ඇස්‌ තිබියදීත්, ඇස්‌ නොපෙනෙන සේ ඉහළ පුටුවල රැඳී සිටින බලධාරීන්ගේ ඇස්‌ ඇරවීමට මෙම ඡායාරූප වාර්තාව පළකිරීමට තීරණය කළෙමු. සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සැමගේම අවධානය පිණිසයි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435