සේවක වැටුප් වේලාවට ලබා දෙන වැටුප් ආරක්ෂණ ක්‍රමයක්

ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය විසින් එරට සේවයේ නියුතුව සිටින දෙස් විදෙස් සියළුම ශ්‍රමිකයින්ගේ ශ්‍රමික වැටුප් කලට වේලාවට ලබා දීමේ අරමුණු ඇතිව නව වැටුප් ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දිමට කටයුතු කර තිබේ.

මෙලෙස අලුතින් හඳුන්වා දී ඇති සේවක වැටුප් ආරක්ෂණ ක්‍රමයට අනුගත වීම සඳහා පෞද්ගලික අංශයේ සියළුම සේවායෝජක ආයතනවලට අමාත්‍යාන්ශය විසින් මාස 03ක කාලයක් ලබා දී ඇත.

මෙමඟින් කිසිඳු ප්‍රමාදයකින් තොරව සේවකයින්ට සිය මාසික වැටුප් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර සේවක වැටුප් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක්ද නව සූත්‍රයක් යටතේ ක්‍රියාත්මක වෙයි.

මෙම ක්‍රියාවලියේදී ඕමාන් මිනිබල අමාත්‍යාංශය හා ඕමාන් මහ බැංකුව සහයෝගයෙන් කටයුතු කරන අතරම දැනටමත් අමාත්‍යාංශය විසින් සේවක වැටුප් ආරක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සියළුම පෞද්ගලික අංශයේ සමාගම් දැණුවත් කිරීම සඳහා පියවර ගෙන තිබෙන බවත් වාර්තා වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435