සේවයෙදී සිදුවන ප‍්‍රචණ්ඩත්වය හා හිරිහැරවලට එරෙහිව ජාත්‍යන්තර සම්මුතියක්

ලෝක කම්කරු සංවිධානයේ 108 වන සැසි වාරය අවසන් වූයේ වැඩ කරනා ස්ත‍්‍රීන්ට සුවිශේෂී ජයග‍්‍රහණයක් අත්පත් කර දෙමිනි. වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවලට ලක් වෙමින් තිබූ ගැටලූ‍වක් වන සේවා ස්ථානයේදී ප‍්‍රචණ්ඩත්වයට හා හිරිහැරවලට ලක් කිරීමට එරෙහිව ලෝක කම්කරු සංවිධානය සම්මුතියක් ඇතුලූ‍ කරන ලද්දේ පලමුවන වරට ජාත්‍යන්තර කම්කරු නීති පද්ධතිය තුලට ප‍්‍රචණ්ඩත්වය හා හිරිහැර සම්බන්ධයෙන් වූ නීති රාමුවක් එක් කරමිනි.

බහුතරයක් වැඩ කරන ස්ත‍්‍රීන මුහුණ සේවා ස්ථානයේදී සිදුවන ප‍්‍රචණ්ඩත්වයට හා හිරිහැරවලට එරෙහිව මෙලෙස ජාත්‍යන්තර නීති රාමුවක් සකස් වීම ලෝක කම්කරු ව්‍යාපාරයේ මෙන්ම ලෝක ස්ත‍්‍රී ව්‍යාපාරයේ සුවිශේෂී ජයග‍්‍රහණයකි.

සේවා ස්ථානයේදී සිදුවන ප‍්‍රචණ්ඩත්වය හා හිරිහැර යනු මොනවාද?

නව ජාත්‍යන්තර නීති රාමුවට අනුව සේවා ස්ථානයේදී සිදුවන ප‍්‍රචණ්ඩත්වය හා හිිරිහැර යන අදහසට ශාරීරික, මානසික, ලිංගික හා ආර්ථික හානි සිදුකරනා හැසරීම්, ක‍්‍රියාවන් හා තර්ජනයන් ඇතුලත් වන අතර එයට ස්ත‍්‍රී පුරුෂ සමාජබව පදනම් කරගනිමින් ස්ත‍්‍රීන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන ප‍්‍රචණ්ඩත්වයන් හා හිරිහැරයන්ද ඇතුලත් වේ. ඒ වගේම මෙම සම්මුතියට අනුව සියලූම ආකාරයේ වැඩ සිදු කරනා ශ‍්‍රමිකයින් ඒ මගින් ආවරණය වේ. ඒ අනුව ස්ථිර සේවයේ යෙදී සිටින පිරිස් පමණක් නොව කොන්ත‍්‍රාත්. තාවකාලික හා අනියම් සේවයේ යෙදී සිටින සේවකයින් මෙන්ම පුහුණුව ලබනා සේවකයින්, ස්වෙච්ඡා සේවකයින්, රැකියා සොයනා පිරිස්, රැකියාවලට ඉල්ලූ‍ම් කරනා පිරිස් මෙන්ම රැුකියාවලින් ඉවත් කරන ලද පිරිස්ද සම්මුතිය මගින් ආවරණයේ වේ. සේවකයින් පමණක් නොව සේව්‍යයින් ලෙස වගකීම් ඉටු කරන පුද්ගලයින් එරෙහිව සිදුවිය හැකි ප‍්‍රචණ්ඩත්වයන් හා හිරිහැරද සම්මුතිය මගින් ආවරණය වේ. පෞද්ගලික හා රාජ්‍ය අංශවල, විධිමත් හා අවිධිමත් ක්ෂේත‍්‍රවල මෙන්ම නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැඩ කරනා සියලූ‍ දෙනාට මෙම සම්මුතිය මගින් ආරක්ෂාව සැලසෙන්නේය.

  • හිංසනයෙන් හා හිරිහැරවලින් ආරක්ෂාව මානව අයිතිවාසිකමකි
  • ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට විදේශ විනිමය උපයන ප‍්‍රධාන අදායම් මාර්ගයන්

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435