සේවයේ යෙදවිය හැකි වයස් කාණ්ඩයන්, ස්ත‍්‍රී-පුරුෂ බව හා වේලාවන්

හෝටල් සේවක අත්වැල 07

වයස අවුරුදු 14ට අඩු අයවලූ‍න් කිසිදු වේලාවකදී හෝටලයක සේවයේ යෙදවීම තහනම් කර ඇත

ඔබගේ වයස අවුරුදු 14 සිට 18 දක්වා නම් ඔබව පෙරවරු 6ට පෙර සේවයට කැඳවීමට හෝ පස්වරු 6 ට පසුව සේවයෙහි රඳවාගැනීම තහනම්ය.

ඔබ හෝටලයේ සේවය කිරීමේදී අවුරුදු 18ට වැඩි ස්ත‍්‍රියක් නම් හා අවුරුදු 16 වැඩි පිරිමි සේවකයෙක් නම් පස්වරු 6 සිට රාත‍්‍රී 10 දක්වා සේවය ලබාගැනීමට ඉඩ දී ඇත.

ඔබ හෝටලයක දුරකථන ක‍්‍රියා කරවන්නියක්, පිලිගැනීමේ නිලධාරිනියක්, වැසිකිලි පිරිසිදු කරන්නියක් හෝ ඇඳුම් මාරු කරවන අංශයේ කාමර සේවිකාවක් නම් රාත‍්‍රී සේවයෙහි යෙදවීමට පුළුවන. මේ සඳහා වයස අවුරුදු 18 ඉක්ම විය යුතුය.

මීළඟ කොටස : සේවා ගාස්තු 

මෙම හෝටල් සේවක අයිතිවාසිකම් අත්වැලේ මීළඟ කොටස ලබන සතියේ ජුලි 08 වන බදාදා පල කෙරේ.

වැඩබිම

මේ හා සබැඳි වෙනත් ලිපි :

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435