සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා දුම්රිය සේවකයින් පිරිසක් වහලය උඩ

2013 වසරේ සිට සේවය සඳහා බදවා ගත් අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර නොකිරීම හේතුකර ගනිමින් ඊට විරෝධය පා මරදාන දුම්රිය මූලස්ථානයේ පිහිටි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්යාලයේ වහලය මතට නැගී හා රත්මලාන දුම්රිය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිල්ලක වහලයක් මත නැගී සේවකයින් පිරිසක් විරෝධතාවයක් ආරම්භකර ඇත.

විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි රැඳී සිටින සේවකයි ප්‍රකාශ කරන්නේ 1500 ක් පමණ වන අනියම්,ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කිරිමට පියවර ගන්නා තුරු වහලය මතින් ඉවත් නොවන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435