සේවා ගාස්තු – Service Charge

හෝටල් සේවක අත්වැල 08

අද රටේ ක‍්‍රියාත්මක වන බොහෝ හෝටල් වල ආගන්තුකයන්ගේ/පාරිබෝගික ගනුදෙනු කරුවන්ගේ බිල් වලට සේවා ගාස්තු මුදල් Service Charge වශයෙන් 10% ක මුදලක් මුලික බිලට එකතු කර පාලක පක්ෂය විසින් අය කර ගනී. මෙම සේවා ගාස්තුව අයකර ගනු ලබන්නේ එය ඔබ හට පිරිනැමීමේ ආභිප‍්‍රායෙනි. මෙම මුදල් ඔබ වැනි හෝටල් හා භෝජනාගාර වල සේවය කරනු ලබන්නා වූ සියලූම සේවකයින්ට හට ලැබිය යුතු මුදලකි. එම මුදල වැඩ කරන සේවකයින් හට ලබා නොදී පාලක පක්ෂය ලඟ තබාගැනීම නීත්‍යානුකූල නොවේ. නිසි පරිදි ක‍්‍රියාත්මක වන සංගම්වලට බැඳී ඇති සියලූම හෝටල් වල සේවක සේවිකාවන් හට එම මුදල් ප‍්‍රමාණය සාධාරණව, විනිවිද පෙනෙන ආකාරයට සම්පුර්ණයෙන්ම ලබා දීමට අවශ්‍ය සියලූ‍ පියවර රැුගෙන ඇති අවස්ථා දැකිය හැක.

මෙම 10% සේවා ගාස්තු මුදල් වලින් බොහෝ හෝටල් වල පාලක පක්ෂය යම් ප‍්‍රතිශතයක් කැඩුම් බිඳුම් සඳහා යැයි කියා මාසිකව හෝටලය තුළ රඳවා ගනු ලැබේ. එසේ රඳවා ගනු ලබන්නා වූ මුදල් ප‍්‍රමාණය වර්ෂය අවසානයේදී කැඩුම් බිඳුම් මිලදී ගැනීමෙන් පසුව ඉතිරි මුදල් සේවකයන් අතර බෙදා දිය යුතුව ඇත.

නිසි දැනුවත් කමක් ඇති සංගම් වලට බැඳී ඇති සියලූම හෝටල් වල එකී කැඩුම් බිඳුම් මිලදී ගැනීම් පියවීමෙන් පසු එලෙස රඳවා තබා ගන්නා සියලූ‍ ඉතිරි මුදල් ප‍්‍රමාණයන්ද වර්ෂය අවසානයේදී සේවකයන් අතර බෙදා දෙනු ලැබේ. ඔබගේ හෝටලය තුළ මෙම ක‍්‍රියාවලිය සිදු නොවන්නේ නම් එය ලබා ගැනීමට හැකියාවක් ඇත.

තවද, ඔබ සාප්පු හා කාර්යාල සේවක පනතේ දක්වා තිබෙන්නා වූ ප‍්‍රතිපාදනයන්ට වඩා වරප‍්‍රසාදයන් දැනට භුක්ති විඳින්නේ නම්, මේම පනත උපයෝගී කරගෙන එම වරප‍්‍රසාදයන් අඩු කිරීමක් හෝ අහෝසි කිරීමක් කිරීම නීති විරෝධී කර ඇත.

මීළඟ කොටස : අනතුරු සඳහා වන්දි ලබා ගැනීම 

මෙම හෝටල් සේවක අයිතිවාසිකම් අත්වැලේ මීළඟ කොටස ලබන සතියේ ජුලි 15 වන බදාදා පල කෙරේ.

වැඩබිම

මේ හා සබැඳි වෙනත් ලිපි :
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (6)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435