සේවා ගිවිසුමක් ගැන ඔබ දැනගත යුතු කරුණු

ඇත්තටම මේ ගැන කියන්නම ඕන කාරනාවක් නිසා මේ විදිහට ලියන්න හිතුවා. සේවා ගිවිසුමක් ලැබීම ඇත්තටම සතුටු විය යුතු කරුණක් ..ඒක කලාතුරකින් ලැබුණත් දැනෙන සතුට අතිමහත් ..

නමුත් මේ සේවා ගිවිසුම් ලැබීමේදී කොරියවේ සිට්න අය අදාල පුද්ගලයා ⁣සොයා ගැනීමට හෝ ඒ පිළිබදව දැනුවත් කිරීමට හෝ කම්පැනි තොරතුරු ඇතුලත් පහත පරිදි සජංනිම් ලබා දෙන පත්‍රිකාව සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම ගැටලුවක් බවට පත්වී තිබෙනවා .

ගැටලුවට ප්‍රධාන ම හේතුව වෙලා තියෙන්නේ මේ ආකාරයට සමාජ මාධ්‍ය වලට මුදා හරින ලද ලිපි ලේඛන වල සඳහන් වන company තොරතුරු වලට (ලිපින දුරකථන අංක ආදිය)දැනට කොරියාවේ සේවය කර company මාරු කර වෙනත් කම්පැනියක් සොයමින් සිටින බොහෝ තරුණයින් මම දුරකථන අංක වලට කතා කරනවා.

ඒ අවස්ථාවල සමහර විට ලංකාවෙන් කෙනෙකු තොරා ගත් විට ගෙන් වන්නට මාසයකටත් වඩා කාලයක් ගත වන නිසා සමහර විට එසේ දුරකථන වලින් අමතන ඔවුන් ට එම company වලට යාමට අවස්ථාව උදා වෙනවා. එය කොරියාව තුල සේවයේ නිරත වන තරුණයෙකුට වාසිදායක තත්ත්වයක් වුවත් වෙබ් එකේ කාලයක් ඉද සේවා ගිවිසුමක් ලැබුනු කෙනෙකුගේ අවස්ථාව අහිමි වන්නට ඉඩ තිබෙනවා.

ඒය ඇත්තෙන් ම කනගාටුදායක තත්ත්වයක් සේවා ගිවිසුමක් ලැබුණු පසු ඒ බව වෙබ් අඩවියේ සඳහන් වුණු පසු ව තරුණ තරුණියන් ඒ පිළිබඳ බොහෝ සතුටු වෙනවා, ඇග්‍රිමන්ට් එකත් අත්සන් කරලා ගෙදර ගෙනාව පසුව බොහෝ පිරිසක් ඒ පිළිබඳව දැන ගන්නවා.

එසේ සිදු වූ පසු සිතා ගන්නට නොහැකි අවස්ථාවක ඔවුන්ගේ සේවා ගිවිසුම් අවලංගු වුවහොත් ඇත්ත වශයෙන් මෙය දරා දරාගැනීමට නොහැකි තත්ත්වයක්. එසේ සිදු වන්නේ සේවා ගිවිසුම ට වෙනත් අයෙකු කොරියාවේ සිට අනුයුක්ත වී මයි.

කොරියාවේ සිට්න අපේම අය ඔයාලගේ කම්පැණි වලට තෝරා ගත් අයගේ තොරතුරු සොයා ගැනීමට අවශ්‍යම නම් අදාල ජායාරූප පමණක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරෙන ලෙස සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.

එසේ ම company තොරතුරු කිසිවක් ගෲප් වලට හෝ වෙනත් ෆේස්බුක් මාධ්‍යයන්ට මුදා නොහරින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා .

සේවා ගිවිසුම් කැන්සල් වුනු කිහිප දෙනෙකුගේ තොරතුරු විමසා බැලිමේදි මේ බව අනාවරණය වුනු බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශයේ කොරියානු භාෂා උපදේශක මහත්මයෙක් සදහන් කරන ලදි.

සියලු විදේශ රටවල සේවය කරන (විශේෂයෙන් කොරියාවේ) ශ්‍රී ලංකාකියන් තමන්ගේ හාම්පුතා සමග සේවා ගිවිසුමකට පැමිණිනෙන අතර ඒ පිළිබඳව දිලාන් මධුශංක විසින් ඔහුගේ FB පිටුවේ තබා තිබූ සටහන් වැදගත් නිසා එය  සංස්කරණයෙන් තොරව වැඩබිමේ පල කරමු. 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435