සේවා නියුක්ති පනත අහෝසි කරනු ! ජනපතිට හා අගමැතිට ලියයි

ඉහත සඳහන් කර ඇති යෝජිත සේවා නියුක්ති පනත ඉල්ලා අස් කර ගන්නා ලෙස ජනාධිපතිවරයාට, අග‍්‍රමාත්‍යවරයාට සහ අන්තර් ජාතික කම්කරු සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්‍ෂවරියට ද පිටපතක් සහිතව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාට පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 23 කගේ අත්සනින් ඉදිරිපත් කරන ලද 2019 අගෝස්තු මස 15 වන දින දරණ ලිපියේ පිටපතක් සහිතව ලිපියක් ඉදිරිපත් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

එම ලිපිය මගින් යෝජිත සේවා නියුක්ති පනත සකස් කර ඇති ආකාරය මෙවැනි නීති සම්පාදනය කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත්වලට පටහැනි බවත්, එම පනත් කෙටුම් පත සකස් කර ඇති බවත් අප පෙන්වා දී ඇත. තව ද මෙම පනත් කෙටුම් පත නිසා පුද්ගලික අංශයේ ලක්‍ෂ 80 ක් පමණ වන සේවකයින්ට දැන් පවතින කම්කරු නීතිය යටතේ භුක්ති විඳින පැය 8 වැඩ දිනය ඇතුළු අයිතිවාසිකම් බොහොමයක් අහිමිවන බව ද විස්තරාත්මකව පෙන්වා දී ඇත.

මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා වෙනුවෙන් ඔබතුමා අමාත්‍ය මණ්ඩලයට 2018 ජුනි මස 05 වන දින ඉදිරිපත්කර ඇති අමාත්‍ය මණ්ඩල යෝජනාවේ නව නීති කෙටුම්පත මගින් සේවකයින්ට දැනට පවතින කම්කරු නීතිය යටතේ භුක්ති විඳින අයිතිවාසිකම්වලට අගතියක් නොවිය යුතු බව පැහැදිළිව සඳහන් කර ඇත. එසේ අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව මෙම කෙටුම්පත සකස් කර ඇති බව ගෞරවයෙන් ඔබට පෙන්වා දීමට කැමැත්තෙමු.

එබැවින් මෙම යෝජිත සේවා නියුක්ති පනත ඉල්ලා අස් කර ගන්නා ලෙසට වෘත්තීය සමිති 23 ක් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව ඔබතුමාට පැහැදිළි කිරීම සඳහා අප වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප දෙනෙකුට ඔබතුමා හමුවී සාකච්ඡා කිරීමට හැකි දිනයක් සහ වේලාවක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ජනාධිපතිවරයාට හා අගමඅතිවරයාට යැවූ වෘත්තීය සමිති නායකයින්ගේ අත්සන් සහිත ලිපිය පහළින් අමුණා ඇත

මෙහි සඳහන් ඇතුම් කරුණ “වැඩබිම” මතය නොවන බව කරුණාවෙන් සලකන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435