සේවා ස්ථානයේදී සිදුවෙන හිංසනය පිටුදකින්න වෘත්තීය සමිති පෙරට එයි

2019 ILO සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන වෘත්තීය සමිති නායකයින් හා සොලිඩැරිටි සෙන්ටර් ආයතනය හා එක්ව වැඩ කරන වෘත්තීය සමිති අතර පැවැත්වෙන සාකච්ඡාවක් අද (03) දිනයේ NUSS කාර්යාලයේදී සවස 03.00 ආරම්භ වුනා.

මේ අවස්ථාව සඳහා සම්මුතියට සහභාගි වීමට නියමිත ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ සිල්වෙස්ටර් ජයකොඩි මහතා සහ ජාතික සේවක සංගමයේ පද්මසිරි මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූ අතර වෘත්තීය සමිති නියෝජනය කරමින් ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, නිමිභාණ්ඩ ඇඟළුම් හා ‍රෙදිපිළි සේවක සංගමය, ඩා බිඳු එක්සත් වෘත්තීය සමිතිය, ලංකා කම්කරු කොන්ග්‍රසය හා National Union of Sea fares Sri Lanka නියෝජිතයින් මේ අවස්ථාවට සහභාගී වූහ.

සේවාස්ථානය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුව හිංසනය තුරන්කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති 10කගේ එකතුවකින් අත්සන් කරන ලද පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත කර ගැනීමත්, රජයට බාරදීම සඳහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්…

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435