සෞඛ්‍ය අමාත්‍යංශයට ස්වාධීනව තීරණය ගත හැකි බව ඔප්පු කරයි (VIDEO)

ස්වාධීන තීරණ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති හැකියාව බරපතල ලෙස ප්‍රශ්ණ කරමින්, ඒකාධීකාරීත්වයට එරෙහි තවත් අරගලයක්, ජයග්‍රාහීව නිම වූ බව ⁣සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් වීඩියෝ පඨයක් නිකුත් කරමින් කියා සිටී.

දින 11 ක සිට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සිදු කරන ලද වෘත්තීය අරගලය සදහා අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම අගය කොට සළකමු.

  • ⁣මෙම වෘත්තීය කියාමාර්ගය සදහා කිසිදු දේශපාලන අරමුණක් නොමැති අතර, එවැනි අර්ථකථන දෙමින් නොමග යැවීමට උත්සහ කල සමහර සෞඛ්‍ය බළධාරීන්ට සහ වෘත්තීය සංගම් සදහා නිවැරදි පිළිතුර ලැබී ඇත.
  •  එසේම සමහර වෘත්තීය සංගම් සහ සෞඛ්‍ය බළධාරීන් සියලුම කාරණා දේශපාලනීකරණය කරමින් සිටි අවස්ථාවක පවා නීතිපති වරයාගේ සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්වාධීන මැදිහත්විම අගය කොට සළකමු .
  • අතීතයේ සිට සෞඛ්‍ය සේවාව තුල මෙවැනි ගැටලු සුලබ වන අතරම, වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින් සදහා ස්වාධීන හා අපක්ෂපාතී අප තීන්දු අපේක්ෂා කල හැකිව අත්තේ සෞඛ්‍ය ඇමතිවරියගෙන් හෝ ඊට ඉහල බලධරයෙකුගෙන් පමණි.
  • රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් මෙකී ඒකාධිකාරය මෙහෙයවණු ලබන්නේද, එසේත් නොමැතිනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් විසින් ඔවුන්ව පාවිච්චි කරන්නේද යන්න අපට තවම පැහැදිළි නොමැත.
  • වෛද්‍ය හා වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීය සමිති අතර ඇතිවන ගැටළු සදහා සමබර තීන්දු නොගැනීම හේතුවෙන් මතුවන වෘත්තීය සමිති අරගල සදහා දේශපාළණ පක්ෂ පාට ගෑවීම මගින් අනවශ්‍ය අර්බුධ නිර්මාණය කරණු ලබන නිළධාරීන් පිළිබදව, රජය අවධියෙන් සිටිය යුතුය.
  • වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීකයන්ගේ ගැටලළු පිළිබද මැදිහත් සිතක් ඇති, පරිපාළණමය වශයෙන් එඩිතර නායක්තවයක් සෞඛ්‍ය සේවාවට අත්‍යාවශ්‍ය වේ.
  • වෘත්තීය ස්වාධීනතවය හානි කරන, ඕනෑම සෞඛ්‍ය බලධාරී අත පෙවීමකට එරෙහිව, අතීතයේ මෙන්ම ඉදිරියටත් සාමුහිකව අප පෙනී සිටිමු. වෛද්‍ය වෘත්තිකයින් රොත්තකගේ ග්‍රහණයට හසු වී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය පරිපාළණය විසින් මෙවන් ගටළු ඇති කිරීම, තව දුරටත් ස්වභාවික  විය හැකි වුවද, ස්වාධීන මැදිහත්කරුවන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ ගැටළුවෙහි නිර්මාණකරුවන් හෝ කොටස්කරුවන් නොවෙමින්, ගැටළු විසදීම සදහා මැදිහත් වන ලෙසය.එසේ කටයුතු කල වෛද්‍ය වරුන් හා වෛද්‍ය පරිපාළකයින් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය පරිපාළකයින් මෙන්ම, දේශපාළකයිනව අප හොදින් හදුනන අතර, ඔවුන් සදහා ප්‍රණාමය පළ කර සිටිමු.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435