සෞඛ්‍ය දේශපාලනය සහ ජනපති ගෝඨාභය

අපි වෘත්තීය වේදීන් විදිහට අපි සෞඛ්‍ය සේවාවේ හිටපු හැම අමාත්‍ය වරයෙක් සමගම සුහදව කටයුතු කරලා තියනවා. හැම ජනාධිපතිවරයෙක් සමගම සෘජු ලෙස ගණු දෙණු කරලා තියනවා. අපේ දේශපාළණය හෙවත් “සෞඛ්‍ය දේශපාළණයට” පක්ෂ පාට වල අදාලත්වයක් නැහැ.

සෞඛ්‍යය සේවයට අදාල වෙන්නේ වෙනස්ම දේශපාලනයක්. කැමැත්තෙන් හෝ අකමත්තෙන්, ඒ දේශපාළණයට  වෛද්‍ය සංගමය සෘජුවම අදාල වෙනවා. ඔවුන්ගේ ස්ථාවරයන් සහ ඒ සදහා ජනාධිපතිවරුන්ගේ, සෞඛ්‍ය ඇමතිවරුන්ගේ, ලේකම්වරුන්ගේ අනුගත වීම, අනුකූලතාවය, සහ ඊට අදාලව අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අනන්‍යතවයට හිමි තැන, සෞඛ්‍ය දේශපාළණයේ ප්‍රධානතම කොටසක්.

එලෙස නිර්මාණය වූ “සෞඛ්‍ය වටපිටාවට” අදාලව, නිමල් සිරිපාල සිල්වා කියන්නේ උපායශීලී බවින් යුක්තව සමබරව සෞඛ්‍ය මෙහෙයවපු දක්ෂතාවයෙන් වැඩිම සෞඛ්‍ය ඇමති. වෛද්‍ය රාජිත සේනාරත්න කියන්නේ  මහ ජනතාවට වැඩිපුරම වැඩ කල හොදම සෞඛ්‍ය ඇමති.  ඔහු සෞඛ්‍ය සේවය තුල දේශපාළණය නොකල තරම්. ළගට එන ඕනෑම කෙනෙක් කෙරෙහි විශ්වාසය තැබීම ඔහුගේ කරමය වූ අතර,  තම අරමුණු ක්‍රියාත්මක කරවා ගැනීමට විශාල භාධාවන් වලට මැදි වන්නට සිදු වු ඇමතිවරයෙක්.

ඔහු සෞඛ්‍යයට කල හොදකමට අමතරව,  සියළු වෘත්තීන්ට සමානව සැලකීමට සෘජු උත්සාහයක් ගැනීම හේතුවෙන්ම, බොහෝ වෘත්තිය සම්තිවල සහයෝගය ඔහුට ලැබුණා. ඒ නිසාම, ඔහුගේ වකවාණුව වැඩ වර්ජන අවම වූ යුගයක් වුණා.

ජනාධිපතිවරුන් පිළිබදව සැලකීමේදී,  සෞඛ්‍ය වෘත්තීය සමිති සමග ලගින්ම වැඩ කරපු ජනධිපත වරයා මහින්ද රාජපක්ෂ මහතා බව අවිවාදිතයි. නමුත් දෙවෙනි වර පත්වූ මහින්ද ජනපතිතුමා ඒ තත්ත්වය නොසලකා හැරීම හේතුවෙන්, මැද මට්ට්මේ සිට ඔහු සමග ගණුදෙණු කල වෛද්‍යවරු පිරිසක් විසින් ඔහුගේ සමබර තවය බිද දමණු ලැබුවා.  දෙවෙනි “මහින්ද ආණ්ඩුව” බලය පාවිච්චි කරපු විදිහ සහ සමාන්‍ය සෞඛ්‍ය  වෘත්තීන් නොසලකා හැරීම අන් කවරදාටත් වඩා අපිට දැණුනා.

සෞඛ්‍ය ලේකම්ලා ගැන කිව්වොත් උපායශීලීව සමබරතාවය පවත්වා ගත් දක්ෂතම නිළධරියා ලෙස, වෛද්‍ය නිහාල් ජයතිලක මහතාව හදුන්වන්න පුලුවන්.  හොදම ගණුදෙණුවක් පවත්වා ගන්නිමින්, සාධරණව කටයුතු කල ලේකම්වරයා ලෙස වෛද්‍ය අතුල කහදලියනගේ මහතව හැදින්විය හැකිය. මනුස්සකම අතින් උසස්ම පැවත්මක් තිබූ නිළධාරියෙකු ලෙස වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා නම් කල හැකියි .

සෞඛ්‍ය පරිපාලනය යම් ප්‍රමාණයකට හෝ සමබර එකක් කර ගැනීම සදහා අවම තරමින් සෞඛ්‍ය ලේකම් තනතුර පරිපාළණ සේවාවේ ප්‍රවීනයෙකුට ලැබිය යුතු බව අප තදින් විශ්වාස කලද, පරිපාළණ ලේකම්ලාට වඩා පත්වූ වෛද්‍යවරුන් සියල්ලම සාර්ථක වූ බැවින් “වෛද්‍ය නිළධරියෙකු” ඊට නුසුදු යැයි අපට එකහෙලා කිව නොහැකියි.

අධ්‍යක්ෂක ජනරාල් වරුන්ගෙන් ක්‍රියාවලියද සෞඛ්‍ය සේවාවේ පැවැත්මට අතිශය වැදගත්. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වාරුන්ගෙන් කාර්යශූර ලෙස සේවාව පවත්වා ගැනීමට දායක වූ අයෙක් ලෙස, වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාව හදුන්වා දිය හැකියි. අනිවාර්ය වෛද්‍යවරයෙකු වන අධ්‍යක්ෂක ජනරාල් සහ සෞඛ්‍ය ලේකම් අතර කඹ ඇදීම හේතුවෙන් සෞඛ්‍ය සේවාව තීරණ විකෘත්ති වීමද, සෞඛ්‍ය දේශපාලනයේදී අපට වැදගත් වෙනවා.

මේවන විට  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  දර්ශණය අනූව සෞඛ්‍ය සේවාව මෙහෙවන දේශපාළණ නායකත්වය තීරණය වී අවසානයි. මීළග වැදගත්ම පියවර එහි “සජීවී දගරය” වන සෞඛ්‍ය ලේකම්වරයෙක් පත්කිරීම විය හැකියි.

සෞඛ්‍ය සේවාව වේගවත් ගමනකට එය අත්‍යවශ්‍යයි. එසේ නොමැතිව. රාජිත අමාත්‍යවරයාට ලැබුණු ගල් සහ මල් වලින් අප උගතයුතු පාඩම වන්නේ එයයි. ඒසේ නොමැතිව සෞඛ්‍ය වෘත්තීන් හෝ දේශපාළණ පක්ෂ වලට බෙදා වෙන්කර ගැනිමට කවුරුන් හෝ උත්සාහ ගනු ලබන්නේ නම්, එමගින් සිදු වන්නේ නැවත් වටයකින් නොමග යෑම විය හැකිය.

රවී කුමුදේශ්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435