සෞදියෙන් මේ වසරේ ලාංකිකයින්ට අපූරු අවස්ථාවක්

මෙම වසරේ දී හජ් වන්දනාවේ නිරත විය හැකි ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

එරට ඇරැබ් නිව්ස් පුවත්පත සඳහන් කරන්නේ සෞදි අරාබි රජය විසින් බැතිමතුන් සංඛ්‍යාව 500කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 4000 දක්වා ඉහළ යනු ඇති බවයි රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම්, ඇරැබ් නිව්ස් පුවත්පත වෙත සඳහන් කර ඇත්තේ.

මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.එම්. හලීම් මහතා, සෞදි රජු වෙත තම ස්තූතිය පළ කර ඇති බවද ඇරැබ් නිව්ස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435