සෞදියේදී අතපසුවීමකින්වත් මේ වැරැද්ද කරන්න එපා – දඩ කන්න වෙයි

සෞදි රජය විසින් පොදු ස්ථානවලට අදාල නව නීතියක් හඳුන්වාදී තිබෙන අතර එම නීතියට අනුව වාහන ධාවනය කිරීමේදී රථයේ සිට එළියට කුණු වීසිකරන පුද්ගලයින්ට දඩ නියම කිරීමට තීරණය කර ඇත.

මාර්ග අපවිත්‍ර වීම හා දුර්ගන්ධය පැතිරි යාම නිසා අදාල නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි සෞදි රථවාහන අධිකාරිය ප්‍රකාශ කළේ.

අදාල නීතිය කඩ කරන රියදුරන්ට එරෙහි සෞදි රියාල් 300 සිට 500ක් දක්වා දඩ මුදලක් ගෙවීමට සිදුවෙන බවත් සෞදි රථවාහන අධිකාරිය එරට වෙසෙන දෙස් විදෙස් සියළුම දෙනාට සිහිපත්කර දෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435