UAE ගොස් අතුරුදහන්ව ඇති අමිත් සොයාගන්න උදව්වෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති එච්.බී.අමිත් මහතා පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

කොට්ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද, වාසලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අමිත් මහතා 2014.06.24 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වන විට ඔහු පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.  ඔහු පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435