සෞදියේ ගින්නෙන් ශ්‍රී ලාංකකියන්ට අනතුරක් නැහැ

සෞදිඅරාබියේ අල්කොබාර් නගරයේ තෙල් සමාගම් නවාතැනක ඇති වු ගින්නෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුවි නැතැයි විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක මංගල රන්දෙනිය මහතා පවසයි. සිද්ධියෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ.

තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 219 කි. මෙම නේවාසිකාගාරයේ නිවාස ඒකක 484ක් පැවැති බව වාර්තාවෙයි. පහත මාලයේ ඇති වු ගින්න සෙසු ගොඩනැගිලිවලට පැතිර ගොස් ඇත.

ශ්‍රී ලාංකිකයන්ටද යම් හානියක් සිදුවී ඇතිදැයි සොයා බැලිමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම කාර්යාංශයට උපදෙස් ලබා දි තිබුණි. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකුද සිද්ධිය වු ස්ථානයට මේ වන විට ගොස් තිබේ.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

වැඩබිම

සබැඳි ලිපි සෞදියේ ගොඩනැගිල්ලක ගින්නක් ලාංකිකයින් මැදිව ඇත්දැයි සෙවීමට පරීක්ෂණ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435