සෞදියේ ගිය රට නොදන්නා නීලමනී සොයා දෙන්න

ගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැති ව සිටින ඇගේ සැමියා සිය බිරිය සොයා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ගලේවෙල, නාරංගස් වැව දේවහුව ලිපිනයේ පදිංචිව සිටි ටී.එම්. නීලමනී තෙන්නකෝන් (49) හැවිරිදි තිදරු මව මෙසේ අතුරුදන්ව සිටින්නීය.

සිය නිවස සාදා ගැනීමට  2005. 06.14 දින  තම බිරඳි සවුදි අරාබියාවේ රැකියාවකට ගිය බව නීලමනී මහත්මියගේ අගේ සැමියා වන ගලේවෙල දේවහූව නාරංගස් වැව ගම්මානෙන් ආර්. එම් .සුරවීර මහතා පවසා සිටියි.

තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ සුරවීර මහතා මෙසේ පැවසීය,

“බිරිඳ විදේශගත වී මාස තුනකට පසු අසල්වැසි නිවසකට දුරකථනය හරහා කතාකොට  මාස දෙකක වැටුප් ගෙවන බව ප්‍රකාශ කළ බවත් එහෙත් එදා සිට මේ දක්වාම ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ. මට  දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටිනවා මේ වනවිට දියණියන් දෙදෙනා විවාහ වී සිටිනවා.  පුතා කුඩා අවධියේ මව දමා ගිය අතර  දැන් මගේ පුතාද 19 හැවිරිදි තරුණයෙකු වුවත් ඔහු මෙතෙක් අම්මා දැක නැහැ.

මේ අතර වසර දාසයක පමණ කාලයක සිට රටේ පැවති සියලුම විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට විදේශ ඇමතිවරුන්ට සේවය කළ ජනාධිපතිවරුන්ට ලිඛිතව සහ වාචිකව මේ පිළිබඳව දැනුම් දුන්නත් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. මේ වන විටත් මගේ  කුඹුර පවා උගස් කොට රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් වියදම් කරමින් බිරිඳ සෙවීමේ කටයුතුවල නිරතව සිටිනවා.” යැයිද පවසා සිටියේය.

මේ පිළිබඳ  වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියේ මට මෙම කාර්යය සිදු කිරීමට නොහැකි බැවින් ලබන වසරේ ජනවාරි පළමු වන දින තමා විසින් මෙම සියල්ලටම වගකිව යුතු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉදිරිපිටට ගොස් මෙම ලිපි තොගය පුළුස්සා තමාද සිරුරට ගිනි තබා ගන්නා බවත් එසේ නොමැති නම් කෙසේ හෝ තම සියදිවි හානිකර ගැනීම සිදුකර ගන්නා බවයි.

විදේශගතව අතුරුදන්ව සිටින ටී .එම්, නීලමනී  තෙන්නකෝන් මහත්මියගේ දියණියක වන දිනුෂා හර්ෂණී (28) මහත්මිය කියා සිටියේ තම මෑණියන් ජීවතුන් අතර සිටින බවට තමන්ට විශ්වාසයක් පවතින බව ද කිසියම් හිරගෙදරක සිටී නම් එසේත් නොමැතිනම් සෞදි අරාබියාවේ සිරකරගෙන සිය මවගෙන් වැඩ ගන්නවා ඇතැයි විශ්වාස කරන බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය. කෙසේ හෝ තම මෑණියන් ලංකාවට ගෙනැවිත් දෙන්න හෝ මෑණියන්ට සිදු වූ දෙයක් ඇත්නම් වහාම සොයා දෙන්නැයි ඇය බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළා ය.

මූලාශ්‍රය – අද

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435