සෞදියේ තීරණය විදේශීය ශ්‍රමිකයින්ට බලපායි

කාර්මික ක්ෂේත්‍රයේ හිමිකරුන් වෙනුවෙන් ස්වදේශීය නොවන ශ්‍රමිකයින් සඳහා ගාස්තු දැරීමට සෞදි අරාබිය ගත් තීරණය, නිෂ්පාදන හා පතල් ක්‍ෂේත්‍රවල සේවය කරන සවුදියේ නොවන 712,902 කට ආසන්න ශ්‍රමික පිරිසකට බලපානු ඇතැයි නවතම නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

සංඛ්‍යාලේඛන පිළිබඳ සෞදි මහා අධිකාරියට අනුව, 2019 පළමු භාගය අවසානයේදී සෞදි ජාතික නොවන කම්කරුවන් 644,590 ක් නිෂ්පාදන අංශයේ සේවයේ යොදවා ඇති අතර පතල් හා ගල් කැණීම් අංශයේ 68,312 ක් සේවය කරමින් සිටිති.

මෙම සතියේ මූලාරම්භයේදී සෞදි රජය කාර්මික ක්ෂේත්‍රයට අයත්  සවුදි නොවන කම්කරුවන් සඳහා වන ගාස්තු වසර පහක් සඳහා අත්හැර දමන බව නිවේදනය කරන ලද අතර  ඔක්තෝබර් 1 වනදා සිට කාර්මික ක්ෂේත්‍රය උනන්දු කරවීම  සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම මෙහි අරමුණු වී තිබේ.

ලෝකයේ ඉහළම තෙල් අපනයනකරුවාගේ ආර්ථිකය විවිධාංගීකරණය කර  තරුණ සෞදි ජාතිකයින් සඳහා මිලියන ගණනක රැකියා උත්පාදනය කිරීමට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් දැඩි තීරණයක් ගෙන තිබේ.

එහි එක් පියවරක් වන ජාතික කාර්මික සංවර්ධන හා ලොජිස්ටික් වැඩසටහන (NIDLP) ඉදිරි වසර 10 තුළ ඩොලර් බිලියන 427 ක් වටිනා පුද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරයි.

සෞදි බලධාරීන් එහි තරුණ ජනගහනය අතර ඉහළ විරැකියා මට්ටම සමනය කිරීම අරමුණු කර ගෙන ඇති අතර, රාජධානිය ද්වි-ඉලක්කම් විරැකියා අනුපාතයට මුහුණ දී තිබේ. එය 2019 දෙවන කාර්තුවේදී සියයට 12.3 දක්වා පහත වැටී ඇත. 2018 පළමු කාර්තුවේදී විරැකියා අනුපාතය වාර්තාගත ඉහළම අගය 12.9% දක්වා ළඟා වූ අතර එය 1999 න් පසු වාර්තා වූ ඉහළම අගය බැව් ජීඩීඑන් ඔන්ලයින් සඳහන් කරයි.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435