සෞදියේ නගර දෙකක් ඉලක්කකළ ප්‍රහාර දෙකක් ව්‍යර්ත වෙයි

සෞදි අරාබියේ ජාසන් සහ අසිර් යන නගර දෙක ඉලක්කකර ගනිමින් එල්ල කිරීමට ගිය ප්‍රහාර දෙකක් ව්‍යර්ත කිරීමට සෞදි ගුවන් හමුදාව කටයුතුකර තිබේ.

මේ නගර දෙකට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඩ්‍රෝන යානා දෙකක් පැමිණ තිබූ අතර සෞදි රාජකීය ගුවන් හමුදාව සතු ප්‍රති-මිසයිල් ප්‍රහාරක පද්ධතිය මඟින් ප්‍රහාර එල්ල කර ඩ්‍රොනා යානා දෙක විනාශ කර දැමීමට කටයුතු කර තිබේ.

මෙම ප්‍රහාර සැලසුම්කර ඇත්තේ ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන්වන බවත් ඔවුන් ප්‍රහාර එල්ල කිරීම සඳහාඩ්‍රෝනා යානා දෙක සානා අගනුවර සිට එවා ඇති බවත් මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත් සඳහන්.

එක් ඩ්‍රෝනා යානයක් රාත්‍රී 10.45ටත් අනික් යානය රාත්‍රී 11.45ට විනාශ කර දැමීමට ගුවන් හමුදාව සමත් වී ඇති අතර සිදුවීමට ගිය විනාශයක් ඉන් වළකා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435