සෞදියේ ප්‍රසිද්ධ ස්ථාන සඳහා බලපාන නීති දැඩිවෙයි -නීති කැඩුවොත් දැඩි දඬුවම්

සෞදි අරාබියේ ප්‍රසිද්ධ ස්ථානවලට බලාපන නීති රීති දැඩි කිරීමට සෞදි රාජ්‍ය බලධාරී තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල අවිනීත හැසිරෙන් පුද්ගලයන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.

විශේෂයෙන් එහිදී අවිනීතිව හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව සෞදි රියාල් පන්සීයක (500) දඩ මුදලක් නියම කරන අතරම එම වර්ෂය තුලම එම වැරද්දම නැවත වතාවක් සිදු කළහොත් දඩ මුදල දෙගුණ වන බවත් සඳහන්.

තවද නීතිය කඩකරන වාර ගණනට අදාලව දඩ මුදල්ද වැඩිකිරීමටත් තීරණය කර තිබේ.

මෙම දඩ මුදල් අය කරනු ලබන්නේ නුසුදුසු ඇඳුම් අඳිම, නරක වචන භාවිතා කිරීම, ආරවුල් ඇති කරගැනීම, සෞදි සාම්ප්‍රදායන්ට මෙන්ම සංස්කෘතියට හානිවන අයුරින් කටයුතු කිරීම සහ බිත්තිවල ලිවීම යන වැරදි වලට අදාලවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435