සෞදියේ පොදු වැසිකිළි සදහා ගාස්තු අය කිරීමක්

සෞදියේ ජේඩා නුවර උද්‍යානයන් වල ඇති පොදු වැසිකිලි භාවිතා කිරීමේදී ඒ සදහා මුදලක් අය කිරීමට ජේඩා නුවර නගර සභා බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ නුව පොදු වැසිකිලි භාවිත කරන පුද්ගලයින්ගෙන් සෞදි ර්යාල් 2 සිට 7 දක්වා මුදලක් අය වෙනුන් ඇත.

නගර සභා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ වැසිකිලිවල පිරිසිදුභාවය, උසස් තත්ත්වයේ සේවාවක් සැපයීම සහ වැසිකිලි තුල සිදුවන නීතිවිරෝධි ක්‍රියාවන් නැවැත්වීමේ අරමුණින් බව ජෙඩා නුවර නගරසභාවේ නිල මාධ්‍ය ප්‍රකාශක, ගසාන් අල්-සහරානි පෙන්වා දී ඇත.

එමෙන්ම, උද්‍යානයට පැමිණෙන ජනතාවට ඉතා පිරිසිදුව, පහසුවෙන් භාවිත කිරිමට හැකිවෙන පරිදි වැසිකිලි පද්ධතියේ සියළුම නඩත්තු කටයුතු පෞද්ගලික අංශයට ලබාදුන් බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435