සෞදියේ බෝවෙන රෝග අවධානමක් – ආරක්ෂාකාරි වෙන්න!

සෞදි අරාබියේ රියාද් වල ආණ්ඩුකාර බලප්‍රදේශ දෙකක H5N8 නම් බෝවෙන කුරුළු උණ රෝගය පැතිරී ඇති බවට තහවුරු කර ගැනීමත් සමඟ එරට සියළු දෙනාට ආරක්ෂාකාරී වෙන ලෙස සෞදි රජය දන්වා තිබේ.

දැනටමත් Al-Quaiya සහ Dharma යන ප්‍රදේශ දෙකෙන් කුරුළු උණ වැළඳී ඇති පුදගලයින් හඳුනාගෙන තිබෙන අතර මුලින්ම රෝගය හඳුනාගෙන ඇත්තේ Al-Aziziya වෙළඳපොළ ආශ්‍රිතව සිදුකරන ලද පරීක්ෂා කිරීමකදී යි.

එමෙන්ම සෞදියේ පරිසර අමාත්‍යාංශය කරන ලද සෝදිසි කිරීමකදී රෝග කාරක කුකුළන් අට දෙනෙකු රියාද්හි කුකුළු ව්‍යාපෘතියකදී හඳුනා ගෙන තිබෙන බවත් වාර්තා වේ.

තවද මසාමියා ප්‍රදේශයේ ස්ථාන 12ක කරන ලද සෝදිසි කිරීම් වලදී මෙම රෝගය වැළඳී ඇති කුකුළන් 1232කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

මේ වනවිටත් සත්ව සෞඛ්‍ය පිළිබඳ ලෝක සංවිධානයද සෞදිය තුළ H5N8 බෝවෙන කුරුළු උණ රෝගය පැතිරිගොස් ඇති බවට තහවුරු කර ඇති බැවින් සෞදි වැසියන්ට රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස සෞදි රජය වැසියන්ට සිහිපත් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435