සෞදියේ රැකියා ඇබැර්තු 40000ක්

රියාද්හි ‘කික් ඕෆ්’ උත්සව සමය ආරම්භවීමත් සමග සෞදි වැසියන්ට කාර්තුමය රැකියා හතළිස් හයදහසක් උත්පාදනය වනු ඇති බව එරට මාධ්‍ය පවසයි.

මාස තුනක උත්සව සමය වෙනුවෙන් වැඩසටහන් 3,000 ක් පමණ දැකගත හැකි අතර එය ඔක්තෝබර් 17 වනදා ආරම්භවී දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

“මෙම අවස්ථාවට විශාල අනුග්‍රාහක පිරිසක් පැමිණ තිබේ. ඉලක්කයෙන් සියයට 80 ක් පමණ ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 400 ක් පමණ උපයා ගැනීමෙන්. මෙය පෙර නොවූ විරූ දෙයක්” යැයි එරට පොදු විනෝදායන අධිකාරියේ සභාපති සහ ප්‍රධානී තුර්කි අල් ෂෙයික් පවසයි.

2030 වන තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විනෝදායන කර්මාන්ත අංශයේ ස්ථිර රැකියා 250,000 ක් අපේක්ෂා කරන බව අල් ෂෙයික් පෙන්වාදෙයි.

“රාජධානියේ ආර්ථිකය කෙරෙහි ඇති විශාල විශ්වාසයට ස්තූතිවන්ත වන පරිදි සංවිධායකයින් හෝ වැඩසටහන්වලට සහභාගී වූවන් ඉවත් කර නොමැත” යැයි අල් ෂෙයික්, ප්‍රකාශිත සවුදි ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435