සෞදියේ රැකියා ක්ෂේත්‍රයකට 20% බෝනස් දීමනාවක්

සෞදි අරාබියේ වෛද්‍ය ක්ෂේත්‍රයේ එක් අංශයක සේවය කරන සේවකයින් සඳහා 20% බෝනස් මුදලක් ලබා දීමට කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන සේවකයින් උදෙසා 2017 ජූනි මස 13 වන දින සිට ක්‍රියාත්මක වෙන පරිදි  ඉදිරි වසර 03ක කාලයක් සඳහා මෙම බෝනස් දීමනාවක් ලබා දීමට නියමිතයි.

මීට අමතරව ඉදිරි වසර තුළ එරට සිවිල් සේවයේ නියුතු ශ්‍රමිකයින්ට මාසිකව සෞදි රියාල් 1,000ක මාසික දීමනාවක් ඇතුළු වැඩිවෙන ජීවන වියදමට අනුව වන්දි මුදල් මෙන්ම තවත් වරප්‍රසාද රැසක් සිය වැසියන්ට ලබා දෙන ලෙස සල්මාන් රජු විසින් අමාත්‍ය මණ්ඩලය වෙත නියෝග ලබා දී තිබෙන බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435