සෞදියේ සැමට එරට රජයෙන් වැදගත් නිවේදනයක්!

මේ දිනවල ලෝකයේම කතාබහට ලක්වන කොරෝනා ව‍ෛරසය සම්බන්ධයෙන් සෞදියේ ජීවත්වෙන සැමට වැදගත්වෙන නිවේදනයක් එරට රජයෙන් නිකුත්කොට තිබේ.

එම නිවේදනයට අනුව සෞදි අරාබියේ අසීර් පළාතේ කොරෝනා  වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සිටින බවට පැතිර යන ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් දන්වා ඇත.

අදාළ නිවේදනය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞදියේ ජාතික රෝග පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හලීමා අල්සාරිහි ප්‍රකාශකර ඇත්තේ නව කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිවෙකු මෙතෙක් හමුවී නොමැති බවයි.

එමෙන්ම නව කොරෝනා වෛරසයට ගොදුරු වූ රෝගියෙකු හඳුනා ගැනීමෙන් පසුව අසීර් පළාතේ රෝහලක් වඩා දමා ඇති බවට පලවන ප්‍රවෘත්තියේද කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යක්ෂකවරිය පෙන්වා දී තිබේ.

මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමි කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයෙකු 2012 වසරට පෙර සොයාගත් නමුත් මෑතකාලීන නව කොරෝනා ව‍ෛරසටය ගොදුරු වූ රෝගියෙකු හඳුනාගෙන නොමැති බවත් අධ්‍යක්ෂකවරිය සිහිපත් කරයි.

තවද චීනයෙන් පැමිණෙන සියළුම මඟීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිරන්තර පරීක්ෂාවටලක් කරන බවත් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435