සෞදියේ සිටින විදේශිකයින්ට සල්මන් රජුගෙන් විශේෂ නිවේදනයක්

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ සෞදියේ දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට වෙසෙන විදේශික ශ්‍රමිකයින් හට තම මව් බිමට යාමට අවශ්‍ය නම් වහාම ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස සෞදි අරාබියේ සලමන් රජු විසින් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ංයාශය වෙත නියෝග කර තිබෙන බව වාර්තා වේ.

විදේශිකයින් සතුව සෞදියෙන් පිටවීම සඳහා  Exit වීසා හෝ නැවත පැමිණීම සඳහා Re Entry විසා තිබේ නම් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීමටද කටයුතු කරන බවයි අමාත්‍ංයාශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව යම් ශ්‍රමිකයෙකුට සෞදියෙන් පිටවීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට පුද්ගලික අබිෂර් Abshar හෝ අන්තර් ජාලයේ ඉලෙක්ට්‍රොනික අබිෂර් වෙබ් අඩවිය වෙත පිවිස එහි ඇතුළත් ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර (නේවාසික හැඳුනුම්පත, උපන් දිනය, දුරකතන අංකය,පිටත් වෙන නගරය,පැමිණීමේ ගුවන්තොටුපළ යනාදිය) ඇතුළත් කර ඉන් අනතුරුව ජංගම දුකතනය වෙත ලැබෙන පණිවිඩය ඔස්සේ අනුමැතිය හා පිටත් වීමට දිනය හා වේලාව ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

අනුමැතිය සම්පූර්ණ වූ අයෙකුට රියාද් කිංග් අබ්දුල් අසීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ජෙඩ්ඩා හා මදීනා, දමාම් ගුවන් තොටුපළ හරහා පමණක් සිය මව් රටට යා හැකි බවයි සෞදි පුවත් ඒසන්සිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Chaminda says:

    මම ඉන්නේ හයිල් නගරයේ කොහොමද රියාද් ගුවන්තොටුපළට යන්නේ

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435