සෞදියේ සිට පැමිණි 9කට කොවිඩ් පොසිටිව්

සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 9 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ (08) සවස් කාලය වනවිට හඳුනාගෙන තිබේ.

අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2093 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ වෙතත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් 1967 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

ආසාදිතයින් 115 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435