සෞදියේ සියළුම විදේශිකයින්ට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්!

සෞදි අරාබියේ සේවය කරන සියළුම විදේශික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නිවේදනයක් සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව සෞදියේ සේවය කරන සියළුම විදේශිකයින් ඔවුන්ගේ එරට හැඳුනුම්පත කල් ඉකුත්වීමේ දිනය ප්‍රථමයෙන් අලුත් කරගත යුතු අතර අදාල දිනයෙන් පසුව අලුත් කිරීමේදි සෞදි රියාල් 500ක දඩ මුදලක් අය කරගන්නා අතර දෙවන වතාවට එම වරද සිදුකළහොත් එම දඩය සෞදි රියාල් 1,000 ක් වන බවත් සිහිපත්කර දී තිබේ.

එබැවින් හැඳුනුම්පතේ කල් ඉකුත්වීමේ දිනය නිවැරදිව පරික්ක්ෂාකරන ලෙසත් අවම වශයෙන් කලිකුත්වීමේ දිනයට දින තුනකටවත් පෙර එය අලුත්කරවා ගැනීම සිදුකර ගන්නා ලෙසත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විදේශිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔබත් සෞදියේ සේවය කරන ලාංකිකයෙක් නම් ඔබේ හැඳුනුම්පතේ කල් ඉකුත්වීමේ දිනය සම්බන්ධයෙන් සැලකිල්ලෙන් පසුවීම වැදගත් වෙන අතර එය කල්තියාම අලුත්කරවා ගැනීමෙන් දඩ මුදල්වලට යටත් වීම වළක්වා ගැනීමට හැකිබව සිහියේ තබා ගන්න.

මේ පණිවිඩය ඔබේ මිතුරන්ටද දැනගැනීමට බෙදා හරින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435