සෞදිය වැට් බදු ඉහළ දැමීමට සූදානම් වෙයි

සෞදි අරාබිය විසින් එරට දැනට ක්‍රියාත්මක කරන වැට් බදු අයකිරීම තවත් 10%කින් ඉහළ දැමීමට යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.

බොරතෙල් මිල ගණන් අඩුවන අවස්ථාවන් වලදී එරට තුළ මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම සඳහා මෙලෙස බදු ඉහළ දැමීම සුදුසු බවත් එහිදී දැනට ක්‍රියාත්මක 5% බද්ද 10% දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සෞදි රජය විසින් යෝජනාවක් ඉදිරිපත්කර ඇත.

කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ සෞදි අරාබියේ අයවැය හිඟය අවම කර ගැනීමට නම් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යවන බවයි.

එසේම රජයේ අධික වියදම හේතුවෙන් තෙල් නොවෙන ආර්ථික උඩුයටිකුරු වීම වළක්වා ගැනීමටද සෞදි රජය ක්‍රියාමාර්ග ගත යුතු බවයි ජාත්‍යැන්තර මූල්‍ය අරමුදල සෞදියට වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435