සෞදිය විදේශිකයින් 564,800ක් එරටින් පිටුවහල් කරයි

සෞදි අරාබිය විසින් එරට සේවයේ යෙදී සිටි විදෙස් ශ්‍රමිකයින් 564,800කට අධික සංඛ්‍යාවක් සිය රටින් පිටුවහල් කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබේ.

එලෙස පිටුවහල් කර ඇත්ත්යේ සේවා කොන්ත්‍රාත්තුව කල් ඉකුත්වීමෙන් පසුවත් නීති විරෝධී ලෙස රැඳී සිටින්නන්, කම්කරු නීති උල්ලංඝනය කල අය හා සෞදි දේශ සීමා නීති උල්ලංඝනය කල අයයි.

සෞදියේ රැඳී සිටින නීති විරෝධී ශ්‍රමිකයින් සෙවීමේ යාන්ත්‍රණය පසුගිය වසරේ නොවැම්ම්බර් මාසයේ 15 සිට ආරම්භකර තිබූ අතර එහිදී කළ සෝදිසි මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගත් විදේශිකයින් 2,166,517ක ප්‍රමාණයකින් කොටසක් මෙලෙස සෞදියෙන් පිටුවහල් කිරීමට කටයුතුකර ඇත.

අත් අඩංගුවට පත්වූ අය අතර 1,686,891 දෙනෙක් සේවා ගිවිසුම් කාලය ඉක්මවා සෞදියේ රැඳී සිටින්නන්වන අතර, 334,373ක් කම්කරු නීති උල්ලංඝනය කළ පිරිස් හා 155,253 ක් දේශසීමා රෙගුලාසි උල්ලංඝනය කල අය වෙයි.

ඒ අය අතුරින් 344,622 ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞදි බලධාරීන් මේවනවිටත් කටයුතු කර තිබෙන අතර 312, 185ක ප්‍රමාණයක් ඔවුන්ගේ මව් රටවල් වලට පිටත්කර හැරීම සඳහා ඒ ඒ තානාපති කාර්යාලවෙත බාරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435