සෞදි අරාබිය දින 09ක දිගු නිවාඩුවක් ප්‍රකාශයට පත්කරයි

සෞදි රාජ්‍ය ඊද් අල් අදා  (Eid Al Adha) නිමිත්තෙන් දින 09ක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

සෞදි අරාබියේ මුදල් අධිකාරිය විසින් පසුගිය සඳුදා දින විශේෂ නිවේදනයක් දක්වමින් සෞදියේ බැංකු, මූල්‍ය සමාගම්, රක්ෂණ සමාගම් හා ව්‍යවසායකයින් ඊද් අල් අදා උත්සවය නිමිත්තෙන් අගෝස්තු 17 සිට සිය නිවාඩු ආරම්භ කරන බව සෞදියේ සියලු දෙනාට දන්වා තිබේ.

ඒ අනුව අගෝස්තු 17 දිනෙන් ඊද් අල් අදා නිවාඩුව ආරම්භවන අතර එය අගෝස්තු 25 වෙනි දින දක්වා දින 09ක් ක්‍රියාත්මක වෙයි.

සියලුම සේවකයින් 26  වෙනි දින නැවත සේවයට වාර්තා කළ යුතුයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435