සෞදි අරාබිය ලෝක වාර්තා අතරට එක්වෙයි

රියාද් නුවර කිංග් අබ්දුල්ලා විශේෂ ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් ශරීරයෙන් එකට බද්ධ වී සිටි පලස්තීන දරුවන් දෙදෙනකු සංකීර්ණ ශල්‍යකර්මයකින් පසු සාර්ථකව වෙන් කිරීමට සමත් වී තිබේ.

මෙම ශල්‍යකර්මය කිංග් අබ්දුල්ලා විශේෂ ළමා රෝහලේ සිදුකරන ලද 45වැනි ශල්‍යකර්මය වන අතර බද්ධව සිටි දරුවන් වැඩි සංඛ්‍යාවක් වෙන් කරමින් තබන ලද නව ලෝක වාර්තාව මෙය වන බවයි වාර්තා වෙන්නේ.

ශල්‍යකර්මය සාර්ථකව නිම කිරීම සඳහා අදියරයන් 9ක් සම්පුර්ණ කිරීමට සිදුව ඇති අතර ඒ සඳහා පැය 13ක කාලය වැය කිරීමට ශළ්‍ය වෛද්‍ය කණ්ඩායමට සිදුවී ඇත.

සංකීර්ණ ශළ්‍යකර්මයකින් අනතුරුව අදාළ දරුවන්  වෙන්කිරීමට  වෛද්‍ය, අබ්දුල්ලා බින් අබ්දුලාසිස් අල්-රබියා  ඇතුළු කණ්ඩායමට හැකිවී තිබෙන අතර එය සාර්ථක උත්සාහයක් ලෙසද පැසසුමට ලක්ව තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435