සෞදි ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා අහිමිවෙි අවදානමක් !!

සෞදියේ ආර්ථික අර්බුදය හේතුවෙන් එරට කර්මාන්තශාලා වල සේවය කරන විදේශීය ශ‍්‍රමිකයින්ට රැකියා අහිමි වීමේ ප‍්‍රවණතාවක් ඇති වී තිබෙන බව, ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ උපුල් දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කරයි. ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් සේවය කරන කර්මාන්තශාලා දෙකක් ද මෙම අර්බුදයට මුහුණ පා තිබේ. සෞදියේ රියාද් හි පිහිටි සාඞ් සමාගමේ (Saad Trading Company) සේවය කළ ශී‍්‍ර ලාංකිකයන් 12 දෙනෙකුට රැකියා අහිමි වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් රියාද් තානාපති කාර්යාලය හරහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බවද ඔහු සඳහන් කරයි. ඔවුනට ආහාර ඇතුළු පහසුකම් නොලැබෙන තත්වය පිළිබඳව සොයා බැලූ අතර, වහාම ඔවුනට ආහාර ලබා දීම සඳහා තානාපති කාර්යාලය හරහා මුදල් ලබා දීමට පියවර ගෙන ඇති බවද උපුල් දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කරයි. එසේම මෙම සමාගම මඟින් වැටුප් නොගෙවීම සම්බන්ධයෙන්ද අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසුව මොවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳ කටයුතු කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කරයි.

මේ අතර රියාද් හී පිහිටි සෞදි  ඕජර් (Saudhi Oger Company) සමාගමේ ශ‍්‍රි ලංකා ශ‍්‍රමිකයින් 100 ක් පමණ පිරිසක් සේවය කරන බවත්, ඔවුන්ද මෙම ගැටලූ වලට මුහුණ දී සිටිති. ඔවුන් අතරින් සේවකයින් 40 දෙනෙකු පමණ රියාද් ශ‍්‍රී ලංකා  තානාපති කාර්යාලයට මේ බව පැමිණිලි කර ඇති බවද ඔහු කියා සිටී. මෙම සේවකයින් සඳහා ආහාර පහසුකම් තානාපති කාර්යාලය හරහා ලබා දීමට පියවර ගෙන ඇති බවද උපුල් දේශපි‍්‍රය මහතා සඳහන් කරයි.

සෞදි අරාබියේ ඇතිවී තිබෙන මෙම ආර්ථික ගැටළුව, එරට කර්මාන්තශාලා වලට බලපාන බැවින් එම කර්මාන්තශාලා වල සේවය කරන ශ‍්‍රමිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය උපදෙස් ලබා දුන් බවද ඔහු සඳහන් කරයි. එසේම මෙම තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට කර්මාන්තශාලා සඳහා ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

 

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435