සෞදි ආරාධනාව පිළිගෙන කටාර් එමීර් වෙනුවට අගමැති හදිසියේ සෞදියට

මක්කම නගරයේ පැවැත්වෙන ගල්ෆ් සහයෝගීතා සමුළුවට කටාර් අගමැති අබ්දුල්ලා බින් නසාර් බින් කලීෆා අල් තානී සහභාගී වෙයි.

30 පැවති ගල්ෆ් සහයෝගීතා සමුළුවට සහභාගීවීමට කටාර් අගමැතිවරයා සෞදිය බලා යනු ඇත්තේ සෞදියේ සල්මාන් රජු කළ විශේෂ ආරාධනාවක් ද පිළිගනිමිනි.

සෞදියේ සල්මාන් රජු එම ආරාධනාව යොමු කළේ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානීටය. කෙසේ නමුත් තෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවට සහභාගී වන බව අල් තානී පවසා නැත.

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර ඇයිහොඳයිකම් පළුදු වී ඇත. ඒ, සෞදිය ඔවුන්ට හිතවත් බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද හවුල් කරගනිමින් කටාරයට සම්බාධක පනවා ඇති නිසාය. සම්බාධක පැනැවීම කළේ කටාර් රාජ්‍ය්‍ය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත් අන්තවාදයට අනුග්‍රහය දක්වන බවටත් චෝදනා කරමිනි.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435