සෞදි ගිය ලාංකිකයින් පිරිසකට මාස 06කින් පඩි නෑ

සෞදි අරාබියේ සේවය සඳහා විදේශගතවූ මෙරට පිරිසකට මාස 06ක් පුරා වැටුප් නොලැබීම නිසා ඉතා දුෂ්කරතාවයට පත්වී ඇති බව පසුගියදා අනාවරණය වී තිබුණි.

වැටුප් නොලැබූ ශ්‍රමිකයින් කියා සිටියේ තමන් මෙන්ම තම අඹු දරුවන් මෙන්ම ඥාතින් ද මේ හේතුවෙන් පීඩා විඳින බවයි.

සෞදි අරාබියේ ජේ. එන්. පී නැමති පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක සේවය කරන මෙම පිරිස පවසන්නේ රජය මැදිහත්ව තමන්ට මෙම ස්ථානයෙන් අයවිය යුතු මුදල් ලබාදී දිවයිනට පැමිණීමට පහසුකම් සලස්වන ලෙසයි.

මේ පිළිබඳව සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කල විමසීමකදී අදාල ගැටළුව සම්බන්ධයෙන් සෞදි කම්කරු අමාත්‍යංශය දැනුවත්කර ඇති අතර කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435