සෞදි ගොස් අතුරුදහන්ව ඇති මේ කාන්තාව සොයාගන්න උදව් කරන්න

සෞදි අරාබියේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති එම්.ටී.කෙන්ගේස්වරී මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

තිදරු මවක් වන කෙන්ගේස්වරී මහත්මිය 2013.10.30 දින සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති අතර, 2015 වසරෙන්  අනතුරුව ඇය පිළිබදව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී තිබේ. ඇය පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 01අංශයේ 0114374384/ 0112864112/ 0112880500 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

තොරතුරු අවශ්‍ය කෙන්ගේස්වරී මහත්මියගේ ඡායාරූපයද මේ සමග ඉදිරිපත් කර ඇති අතර, එම ඡායාරූපයද මෙම නිවේදනය සමග පළකරන ලෙසට කාරුණිකව දැනුම් දෙමි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435