වීසා කල් ඉකුත්ව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

වීසා බලපත් කල් ඉකුත්වීම හේතුවෙන් සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීම සඳහා සෞදි අරාබි රජය අවසර ලබා දී තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ පිටවීමට නොහැකි වු ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞදි අරාබි රජය මෙම තාවකාලික පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්වීපාර්ශවික සබදතාවන්හි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබි රජය මෙම සහනය ලබා දී තිබේ.

ඒ අනුව වලංගු හෝ කල්ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක් නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුටම එරටින් පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව පිටවීමට අවසර හිමිවනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435