සෞදි ලක් තානාපති කාර්යාලයත් වැසෙයි- ලාංකික ඔබ ප්‍රවේශමෙන්!

සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

එම කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටින් රෝගය වැළදීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ය.

අදාළ කාර්යාලයේ සියලු නිලධාරීන් මේ වන විට නිරෝධායනයට ලක් කරඇති අතර නිරෝධාන කටයුතුවලින් අනතුරුව යළි කොන්සියුලර් කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ව තිබේ.

මේ අතර ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435