සෞදි වීසා නීති ලිහිල් වෙයි – විදේශිකයින්ට ලැබෙන අලුත් පහසුකම මෙන්න!

සෞදි අරාබියේ පැවැත්වෙන විශේෂ ක්‍රීඩා සහ උත්සව අවස්ථාවන් නැරඹීමට විදේශිකයින්ට වීසා නිකුත්කිරීමට සෞදි රජය සූදානම් වේ.

ඒ අනුව වීසා නිකුත් කිරීම එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට ආරම්භකරන බවත් ඉන් සෞදි රාජ්‍ය විදේශිකයින්ගේ ආකර්ෂණය දිනාගත්, සංචාරකයින් නිරන්තරයෙන් යන එන තැනක් බවට පත්කිරිමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සෞදි රජය ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම, සෞදි ආර්ථිකය ශක්තිමත් කරමින් ඉහළ ආර්ථික මට්ටමක් ගොඩනඟා ගැනීමද මෙලෙස වීසා නිකුත් කිරීමේ අරමුණක් වී තිබේ.

මෙතෙක් කලක් සෞදිය තුළ විදේශිකයින්ට වීසා නිකුත් කිරීම දැඩි ලෙස සීමා අර තිබූ අතර මෙම නව ක්‍රියාවලිය සමඟ යම්තාක් දුරට වීසා නීති ලිහිල් වෙනු ඇත.

ක්‍රීඩා ලෝලී සැමටත් සෞදියේ පැවත්වෙන විෂේෂ අවස්ථා දැකබලා ගැනීමට අපේක්ෂාවෙන් පසුවෙන අයටත් මේ ආරංචිය වඩාත් සුබදායී වෙන බවයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435