හදිසි වනජීවි නිලධාරී වර්ජනයක් – වන අලි තර්ජන අවදානමක්

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් ඊයේ(20) පස්වරු 4.30 සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා විසින් මාධ්‍යයට කළ විශේෂ ප්‍රකාශයක සඳහන් වූයේ වනජිවි නිලධාරින් ඊයේ දින සිට පැය 8ක රාජකාරිය අවසන් වීමෙන් පසු කිසිදු රාජකාරියක් සිදු නොකරන බවයි.

රජයේ අනෙකුත් සේවකයන්ට වඩා පැය 350කට අධික කාලයක් වනජිවි නිලධාරින් රාජකාරි කටයුතු සිදු කරන බවත්, ඒ සඳහා පැය 150කට අදාළ අමතර දිමනාවක් ගෙවන ලෙස විෂය භාර අමාත්‍යවරුන්ගෙන් සහ වනජිවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් අවස්ථා කිහිපයකදි ඉල්ලිම් කළද, ඒ සදහා නිසි ප්‍රතිචාරයක් නොලැබිම නිසාත් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹි බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා එහිදී පෙන්වා දුන්නේය.

වනජිවි නිලධාරින් තම ජිවිත පවා පරිත්‍යාග කරමින් රජකාරි සිදු කරන බවත්, එවන් නිලධාරින්ගේ ඉල්ලිම්වලට සාධාරණයක් ඉටු නොවන නිසා අඛණ්ඩව මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බවත් කියා සිටියේය.

මෙහිදී වන අලි තර්ජන පවත්නා ප්‍රදේශවල ජනයාගේ ජීවිතවලට පවත්නා අවදානම කෙරෙහි සැලකිල්ල යොමු කළ යුතුව ඇති බවත්, විශේෂයෙන් වන අලින්ගෙන් තර්ජන තිබෙන ප්‍රදේශවල ජනතාව තම නිවාසවලින් රාත්‍රි කාලයේ බැහැරව නොයන ලෙස තමන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

තවද වන අලින්ගෙන් රාත්‍රි කාලයේදි මහජනතාවට සිදු වන හිරිහැර සම්බන්ධයෙන් වනජිවි නිලධාරින් ඊයේ සිට කිසිඳු මැදිහත්විමක් සිදු නොකරන බවත්, තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තම දෙපාර්තුමේන්තුවේ නිලධාරින් දැනුවත් කර ඇති බවත් සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435