හම්බන්තොට රෝහලේ නිළ නිවාස ප්‍රශ්ණයට උසාවියෙන් පිළිතුරක්

හම්බන්තොට රෝහලේ නිළනිවාස ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සිදු කළ උත්සහයන් ව්‍යවර්ථ වීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් 30 දීපව්‍යාප්ත වශයෙන් හා නොවැම්බර් 05 වන දින දකුණු පළාත පමණක් වශයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට පරිපූරක වෛද්‍ය සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ නිළධාරීන්ට සිදු වූ අතර සිදු කරන ලද අකටයුත්තට එරෙහිව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය තුල බී.ආර්.1457/19 දරණ අංක යටතේ නඩුවක් ගොනු කරමින් නීතියේ සහය පැතීමට එම නිළධාරීන්ට සිදු වූ බව පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

උක්ත නඩුවේ අවසන් තීන්දුව හරහා කුමන හෝ පෙළඹීමක් මත බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද නිල නිවාස වලින් බැහැර වීමටත් එකී නිල නිවාස සහ එහි යතුරු එදිනම රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාරදීමටත් හෙද නිළධාරීන් පිරිසක් වෙත නියෝග කරන ලදී.

මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡාමය වශයෙන් එකඟතාවයන් ඇති කර ගනු ලැබූවද මෙතෙක් කලක් ක්‍රයාත්මක වීම ප්‍රමාද කරමින් පැවති  උපාධිධාරී වැටුප, මාණ්ඩලික සේවා තත්ත්වය උසස්වීම් සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. එසේම සෞඛ්‍ය ලේකම්වරියගේ අනිසි මැදිහත් වීම හේතුවෙන් පරිපූරක වෛද්‍ය සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ කාර්යභාර නිළධාරීන්ගේ වගකීම් පැවරීමේ සම්බන්ධයෙන් පැන නැඟි අර්බුධකාරී තත්ත්වය විශේෂඥ කමිටුවක් හරහා විසඳීමට තීරණය කිරීමත් ඊට අදාලව නිකුත් කලයුතු ලිපි දින කිහිපයක් ඇතුලත නිකුත් කිරීමටත් එකඟතාවය පළ කරන ලදී.

ඊට අමතර වශයෙන් පරිපූරක වෛද්‍ය සේවා සහ අතුරු වෛද්‍ය සේවා සංවෘත සේවාවන් බවට පරිවර්තන කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය අනුකාරක කමිටුවේ සාකච්ඡා තව දුරටත් ප්‍රමාද වෙමින් පවතින නමුත් රටේ පවතින දේශපාලන වාතාවරණයත්, වෘත්තීය කාරණා වෙනුවෙන් රෝගීන් අපහසුතාවයට පත්කිරීමේ පටු අරමුණු නොපවතින බැවිනුත් උක්ත නඩුවේ අවසන් තීන්දුව ගරු මහේස්ත්‍රාත්වරයා විසින් නොවැම්බර් 05 වන දින ලබා දීමත් සමඟ නොවැම්බර් 06 වන දින සිට දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක වීමට තිබූ වෘත්තීය ක්‍රියාමාර්ග අතහැර දැමීමට පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් තීරණය කරන ලදී.

තවද මෙය සමාන්තර සේවාවක් වන සමස්ථ හෙද සේවාවට එරෙහිව සිදු කරන ලද අරගලයක් නොවන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නොවන වෘත්තිකයන්ගේ ගැටළු නොසළකා හරිමින් එම වෘත්තීය අවශ්‍යතා අවතක්සේරු කරමින් සෞඛ්‍ය වෘත්තීන් හා සේවාවන් අතර ගැටුම් ඇති කරවීමට කටයුතු කරන අනර්ථකාරී පරිපාලන ක්‍රමවේදයට එරෙහිව සිදු කරන ලද අරගලයක් බවත්, වෘත්තීය ක්‍රියාමාර්ගය වෙන් වෙන් වශයෙන් අර්ථකථනය කිරීමට මෙතෙක් උත්සහ දැරූ සහ තවදුරටත් උත්සහ දරමින් සිටින විවිධ කණ්ඩායම් හා පාර්ශවයන්ගේ පටු අරමුණු වලට හසු වෙමින් සමස්ථ වෛද්‍ය නොවන වෘත්තීන් අතර පවතින අනෙන්‍යාන්‍ය බැදීම හා විශ්වාසය පළුදු කර නොගන්නා ලෙසත්, වෛද්‍ය නොවන සියළු වෘත්තින් හා සේවාවන් දියුණු තලයකට ඔසවා තැබෙන උක්ත එකඟතාවයන් ඉටු වනතෙක් අවධානයෙන් සිටිමින් එකී ක්‍රියාදාමයට බාධා එල්ල කරන පාර්ශ්වයන්ගේ පෙළඹවීමෙන් ආයතනික වශයෙන් ඉදිරියේදී හට ගන්නා ඕනෑම ගැටළුවක් වෙනුවෙන් මනා සංයමයක් සහිතව කටයුතු කරන ලෙසත්, රෝහල් හා සියළු සෞඛ්‍ය ආයතන තුල සමඟිය ආරක්ෂා කිරීමට කැප වන ලෙසත්, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් පෙන්වා දෙන ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435