හලාවත – පුත්තලම පෞද්ගලික බස් රථ සේවකයින් අද වැඩ වරයි

හලාවත – පුත්තලම අතර ධාවනය වන පුද්ගලික බස් රථ සේවකයින් අද(10) දහවල් සිට සේවයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර ඇත.

එම මාර්ගයේ සේවය කරන බස් රථ සේවකයින් තිදෙනෙකුව හලාවත පොලීසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගැනීම මෙම වර්ජනයට හේතුව වී ඇත.

ඊයේ(09) හලාවත නගරයෙන් ගමන් ආරම්භ කරන සියළුම පුද්ගලික බස් රථ වල සේවකයින් සේවයෙන් ඉවත්වී වර්ජනයක නිරත විය.

පසුගිය 06 වැනිදා මීගමුව පොලීසිය තුළදී හලාවත – මීගමුව බස් රථ සේවකයෙකුට පොලිස් නිලධාරීන් විසින් පහර දී තිබීම මෙම වර්ජනයට හේතුව වී ඇත.

වර්ජනය ක්‍රියාත්මක කරන කාලය තුළ කොළඹ සිට පුල්මුඩේ දක්වා ගමන් කරමින් තිබූ කැබිතිගොල්ලෑව ලංගම ඩිපෝවට අයත් බස් රථයක සේවය කරන කොන්දොස්තරවරයෙකුට හලාවත නගරයේදී කිසියම් පිරිසක් විසින් පහර දී තිබුණි.

එම පහර දීම සිදු කර ඇති බවට සැකකරන තිදෙනෙකුව හලාවත පොලීසිය විසින් අද(10) දහවල් අත්අඩංගුවට ගැනීමත් සමග හලාවත – පුත්තලම මාර්ගයේ බස් රථ සේවකයින් වර්ජනය ආරම්භ කරන ලදි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – පුත්තලම මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් රථ වල සේවය කරන සේවකයින් තිදෙනෙකුව බව අප වාර්තාකරු පවසයි.

මූලාශ්‍රය – අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435