හාම්පුතුන්ට නිතිය තද වෙයිද?

සේවක අර්ථ සාධක අරමුදල නිසි ලෙස නොගෙවන හාම්පුතුන්ට නීති තද කිරීම සඳහා රජය පාර්ශවයෙන් කෙටුම්පතක් ගෙනවිත් ඇති බවත්, එය පසුගියදා පැවති ජාතික කම්කරු උපදේශක සභාවේ රැස්වීමට ඉදිරිපත් කෙරුණු බවත් ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති පී.එම්.ආර් රෂ්ඩීන් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ඉකුත් 04 වන දින පැවති ජාතික කම්කරු උපදේශක සභාවේ රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවත්, හාම්පුතුන් එහිදී ස්වකීය අකමැත්ත ප්‍රකාශ කළ බවත් ඔහු සිහිපත් කළේය.

කෙසේවෙතත් අවසන ඒ පිළිබඳ සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කළ යුතු බවට යෝජනා වුණු බව හෙතෙම ‘වැඩබිම’ට සඳහන් කළේය.

ඒ අනුව හාම්පුතුන්ගේ පාර්ශවයෙන් තිදෙනෙකුද, වෘත්තීය සමිති නියෝජනය කරමින් තිදෙනෙකුද, රජය පාර්ශවයෙන් තිදෙනෙකුද වන සේ මෙම කමිටුව තේරීපත්විය යුතු බවට යෝජනා වුණු බව ඔහු පෙන්වාදුන්නේය.

එසේ වුවද වෘත්තීය සමිති මෙන්ම හාම්පුතුන්ද ඒ පිළිබඳ තමන්ගේ පාර්ශවයේ සෙසු නියෝජිතයින් සමග සාකච්ඡා කොට තමාගේ කමිටු නියෝජිතයින් ‍තිදෙනා බැගින් නම්කිරීමට එකඟත්වය පළ කළ බව රෂ්ඩීන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435