හාම්පුතුන්ට වාසි ගෙනෙන දකුණු කොරියාවේ නව කම්කරු නීති වලට විරෝධතා

නව කම්කරු නීතිවලට එරෙහිව දකුණු කොරියාවේ – සෝල් නුවර ඊයේ(15) පැවති විරෝධතාවකදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ජනාධිපතිනි පාර්ක් ගුවේන් හේ  රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවති මෙම විරෝධතාවට දස දහස් සංඛ්‍යාත ජනයා එක්ව සිටි අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ද ඇති වී ඇත.

දකුණු කොරියානු රජය ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව කම්කරු නීති මගින් හාම්පුතුන්ට පහසුවෙන් සේවකයන් ඉවත් කිරීමට ඉඩ සැලසීම ජනතා විරෝධයට හේතුවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435