හිංසනයකින් තොර වැඩබිමකට ආරම්භයක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය හා ප්‍රචණ්ඩත්වයෙන් තොර වැඩබිමක් නිර්මාණය කර ගැනීම  පිළිබඳව අවිධිමත් අංශයේ සේවිකාවන් සඳහා පසුගිය දා  වැඩමුළුවක් පවත්වන ලදි.

එම වැඩමුළුවේදී  ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිර්දේශ C190 සම්මුතියට අනුව විසින් සේවා යෝජකයින් හා කම්කරුවන් සමඟ සාකච්ඡා කර රැකියා ලෝකයේ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා ඒකාබද්ධ හා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවේශයක් අනුගමනය කළ යුතු අතර, සියලු ආකාරයේ හිංසනයන් සහ හිරිහැර කිරීම් තහනම් කිරීම, බලාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම, පිළියම් සහ ආධාර සඳහා අනුබලදීම සහතික කිරීම, වැරදිකරුවන්ට එරෙහිව සම්බාධක පැනවීම සහ ප්‍රචණ්ඩත්ව සිද්ධීන් විමර්ශනය කිරීමේ ඵලදායි මාධ්‍යයන් සහතික කිරීම පිළිබඳ මෙම සම්මුතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි.

මෙම සම්මුතිය ශ්‍රී ලංකා රජයේ තුළ ක්‍රියාත්මක කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේදී කරුණු දක්වනු ලැබීය.

හැටන් ප්‍රදේශය මුල්කරගත් ප්‍රදේශ කිහිපයක් නියෝජනය කරමින්, ගෘහ සේවිකාවන් හා තවත් අවිධිමත් අංශයන්හි නොයෙක් රැකියාවන්  වල නියුතු කාන්තාවන් මෙම වැඩසටහනට සහභාගී විය. දිනෙන් දින වර්ධනය වන සහ නිරන්තරයෙන් වැඩබිම  තුළ තමාට මුහුණ දීමට සිදුවන කායික, මානසික, සහ ලිංගික හිංසනයන් පිළිබඳව තම අත්දැකීම් සහ ඒවා නවතා දැමීමට සංවිධානය විය යුතු බවට සාකච්ඡා කරන ලදී.

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය හා සොලිඩරිටි සෙන්ටර් එක්වය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435